March 29, 2024

‘තලපති’ හෙවත් විජේගේ නවතම චිත්‍රපටය ආදයම් වාර්තා කඩමින් ඉදිරියට - මෙරටිනුත් ඉහළ ප්‍රතිචාරයක්

දකුණු ඉන්දියානු සිනමාවේ දැවැන්ත සිනමා තරුවක් වන දමිළ ජනතාව අතර 'තලපති' නමින් ජනප්‍රියව සිටින විජේ ගේ නවතම චිත්‍රපටය දැවැන්ත ආදයමක් උපයාගෙන ඇතැයි වාර්තා වෙයි.

ලෝකේෂ් රාජ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය තුළ විජේ සහ තවත් දමිළ ජනතාව අතර ජනප්‍රියව සිටින විජේ සේතුපතිද රංගනයෙන් දායක වෙයි.

පසුගිය ජනවාරි 13 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කර තිබූ මෙම චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් කෝටි 200ක ආදායමක් උපයාගෙන ඇතැයිද වාර්තා වෙයි.

සමාජ මාධ්‍ය ජාලා තුළ මෙරට සිනමා ප්‍රේක්ෂකයන් ද මෙම චිත්‍රපටය ගැන බොහෝ ලිපි පළ කර තිබුණු අතර ඔවුන්ගෙන් ද ඉතාමත් යහපත් ප්‍රතිචාරයක් මෙම චිත්‍රපටයට ලැබී තිබුණි.

බොහෝ දෙනා විසින් පවසා තිබුණේ තමන් චිත්‍රපටය බැලූ සමහර සිනමාහල් ප්‍රේක්ෂකයන්ගෙන් පිරී තිබුණු බවයි.

Rate this item
(1 Vote)