April 20, 2024

ගාල්ලේ තරගය අතරතුර නිලධාරිනියක් සමඟ ලිංගික හැසිරුණා යැයි කී නවක සුපිරි ක්‍රිකට් තරුව කවුද?

පසුගිය සඳුදා (18) දිනයේ අවසන් වූ ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් හී නැගී එන නවක සුපිරි ක්‍රිකට් තරුවක් අශෝභන ලෙස හැසිරුණු ආකාරය පිළිබඳව ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

තවමත් අවුරුදු විසි ගණන්වල පසුවෙන මෙම ක්‍රිකට් ක්‍රීඩකයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීනියක් සමඟ මෙලෙස ලිංගිකව අශෝභනව හැසිරී ඇති බවට එම ජාතික පුවත්පත විසින් වාර්තා කර තිබුණි. 

කොරෝනා වෛරසයෙන් ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීම සඳහා ජෛව බුබුලක් ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම ක්‍රීඩකයා විසින් මෙම නිලධාරිනිය සමඟ සිය හොටෙල් කාමරයේ සිටියදී අසුව ඇතැයි ද එම පුවත්පත සඳහන් ව තිබුණි.

මේ පිළිබඳව මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දීමක්ද සිදු කර ඇතැයිද වාර්තා වෙයි. මෙම ක්‍රීඩකයා මීට පෙරද මෙවන් අශෝ්‍භන හැසිරීම් සම්බන්ධයෙන් හසුව ඇති අතර ඔහු සමඟ ගාල්ලේ රැඳී සිටි කාන්තාවද ඒ සෑම අවස්ථාවකම මෙම සිදුවීම්වලට හසුව ඇතැයිද එම පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති ටෙස්ට් තරඟාවලියේදී ද මෙවන් ලිංගික අශෝභන ක්‍රියාවන් සිදුව ඇතැයි වාර්තා වන අතර තවත් ක්‍රීඩකයන් දුම්වැටි පානය කිරීම්, මත්පැන් භාවිතය වැනි ක්‍රියාවලද යෙදී සිට ඇති බවටද එම පුවත්පත සඳහන් කර තිබුණි.

ගාලු තරඟය අතර ශ්‍රී ලංකා වැඩි අසීරු තත්ත්වයක පසුවන අවස්ථාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ක්‍රීඩාගාරය තුළ කාඩ් ක්‍රීඩා කරන ආකාරයද දැකගත හැකි වූ අතර ප්‍රේක්ෂකයන්ගෙන් ද දැඩි විරෝධයක් ඔවුනට එල්ල වී තිබේ.

මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම පුවත වේගයෙන් පැතිර යන අතර තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ ද නම් ගෑවි ඇති බවටද වාර්තා වෙයි.

මුලාශ්‍රය - The Morning පුවත්පත

සබැඳි පුවත -

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ගැන යන කතා බොරු - ප්‍රධාන පුහුණුකරු මිකී සිය හඬ අවදි කරයි

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 January 2021 21:02