April 20, 2024

සිගිති දියණියක් මෙලොවට බිහි කරමින් තෙවෙනි වරටත් හිරුණිකා උතුම් මව්පදවිය ලබයි (PHOTOS)

දේශපාලන ලෝකේ දැවැන්ත දේශපාලඥවරියක් විදිහට තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෑත කාලේදී හැමෝම හදුනන්නේ.

ඉතින් තෙවෙනි වතාවටත් උතුම් මව් පදවියට ලඟ ලෑස්ති වුන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගැන පසු ගිය කාලයේදී සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සේ කතාවට ලක්වුණා. ඉතින් අද දිනයේදී ඇය ආදරණීය සුරතල් සිඟිති දියණියක් මේ ලෝකෙට බිහි කරමින් තෙවෙනි වතාවටත් උතුම් මව් පදවිය ලබාගත් පුවත සතුටින් කියන්නට කැමතියි.

ඇය ජනප්‍රිය නිරූපණ ශිල්පියෙකු, නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වූ හිරාන් යටිඕවිට සමඟ විවාහ වී සිටින බව දැන්නම් කවුරුත් දන්නවා. ඉතින් මින් පෙර දුවෙකුගේ හා පුතෙකුගේ මවක්ව සිටි හිරුණිකා සාර්ථක විවාහ දිවියක් ගත කරමින් සිය දේශපාලන කටයුතුද සාර්ථකව කරගෙන යමින් සිටී බව හැමෝම දන්නා කාරණයක්.

ඉතින් අද දින මෙලොව එළිය දුටු ඒ පුංචි දෝනිට ආශීර්වාද සුභ පැතුම් සහ ආදරය එක්කල හැමෝටම ස්තුති කරමින් ඇය ඇගේ ෆේස්බුක් පිටුවේ අලුත උපන් චුටි දූගේ සහ ඔහුගේ සැමියත් සිටින ඡායාරූපයක් ද සමඟින් සටහනක් තබා තිබුනේ මේ අයුරින්.

Rate this item
(0 votes)