April 19, 2024

දහස් ගණනක් මගීන්ට සෙවණක් වූ කොට්ටාව බස් නැවතුම පිරිසක් ගලවාගෙන ගිහින්

November 12, 2020

කොට්ටාව නගරය දිනකට අති විශාල පිරිසක් ගැවසෙන නගරයකි.

කොළඹ නගරයේ නන්දෙසින් පැමිණෙන බස් රථවලින් දිනකට විශාල පිරිසක් ගමන් කරයි.

එලෙස පැමිණෙන දහස් ගණනක් පිරිසට තම බස් රථය පැමිණෙන තුරු සිටින කොට්ටාව හංදියේ පිහිටි බස් නැවතුම කවුරුන් හෝ පිරිසක් ගලවා ගෙන ගොස් ඇති බවට මගීන් චෝදනා කර තිබේ.

දැඩි වර්ෂාවක් ඇද හැලුණු අවස්ථාවකත්, දැඩි අව්වක් ඇති අවස්ථාවකත් බොහෝ පිරිසක් මෙම බස් නැවතුමේ තම සෙවන කරගෙන තිබුණි.

Rate this item
(0 votes)