March 29, 2024

"මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු නෑ - මම එයාලට කරනව විතරයි ” – ටෙනිසන් කුරේ ගැන සමාජ මාධ්‍යයේ හුවමාරු වන සංවේදී කතාව

September 29, 2020

අසනීප තත්වයෙන් රෝහල්ගත කර සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා පිළිබඳ සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින්තිබෙනවා.මේ එම සටහනයි.

” මම පෙරෙදා දින රෝහලට යන විට එතුමා රෝහලේ ඇද මත් සිටිනවා දුටුවා. මේ ඔහුමද කියා ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මා ඔහු වෙත ගිය. කුඩා දරුවෙකු මේන් වැහැරි ගිය ශරීයෙන් එතුමා මා දෙස බලා සිනාසුනා. මා දුටුදේ අදහා ගැනීමට මටම නොහැකි උනා.එතුමා රෝගී බව දැන ගත් මුත් මෙලෙස සිටියැයි මම හීනෙකින් වත් සිතුවේ නැත. මම ඔහු ලගට ගොස් ” සර් කවුරුත් ආවේ නැද්ද” කියා විමසුව එවිට ඔහු පිලිතුරු දුන්නේ ” දුව එනව බලන්න දරුවෝ “කියා එවිට “ඔයාලග චිත්‍රපට සංගමයක් එහෙම නැද්ද ඔබතුමාව බලන්න” කියා විමසුවා එවිට එතුමා කියා සිටියේ ” මම කාගෙන්වත් උදව් බලාපොරොත්තු නෑ . මම එයාලට කරනව විතරයි “කියා . එතුමාව දුටු විට මට ඇස් වල කදුලු පිරිගියා. .

කලාව පැත්තෙන් එතුමාට පුළුවන් උපකාරයක් කරන්න තිබ්බා මුදල් අවශ්‍යය නැති උනත් නැති උනත් ඔහු සමග ගිහින් එක වචනයක් කතා කරන්න තිබ්බා. ඒ වෙලාවේ එතුමා ලගට ගිහින් කතා කරලා එතුමට හයියක් වෙන එක දුරකථනයෙන් කතා කරාට කරන්න බෑ . මම දැකපු විදියට මේ ශෝකේ ප්‍රකාශ කරල post දාන ගොඩක් අය කරන්නෙ බොරුව. මේ කලාවේ අයට කියන්න. මොකද එතුමා ගොඩක් කලා කරුවන් සමග වැඩ කරලා තියනවා.එතුමාව දැකපු එතුමාගෙ ඇද ලගම හිටපු හැම මනුස්සයෙක්ම ඒක ඇහුවා. මොන දේ උනත් අපි හැමොම එතුමාට නිවන් සුව පතනවා – මාශා ලක්ෂානි”

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:29