August 22, 2019

Job කරන රොබෝවරුන් ඇවිත් (VIDEO)

ඔබට තවමත් රැකියාවන් සොයමින් ලත වෙනවාද? එහෙනම් පරිස්සමින්, මොකද තාක්ෂණය දියුණුවෙනවත් එක්කම ගොඩක් දේවල් පරිගණකගත වෙලා ඒත් එක්කම දැන් මිනිස් ශ්‍රමිකයන් වෙනුවට රොබෝවරුන් සේවයට ගන්න සමාගම් පෙළඹිලා ඒ හින්දා ඉදිරියේදි මිනිස් ශ්‍රමිකයන්ගේ සේවය නැතිනම් රැකියා සඳහා මේ එන්නේ රතු එළියක් වෙන්නත් පුළුවන්.

කොහොම උනත් රොබෝවරුන් මෙලෙස සේවයට ගැනීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වල වාර්තාවෙන්නේ මේ විදියට,

ජපානයේ මුල් පෙලේ මූල්‍ය අයාතනයක් වන Mitsubishi UGJ Financial Group සමාගම, ලබන අප්‍රේල් මාසයේ පටන් සිය ශාඛාවන්හි සේවය සඳහා Nao නමින් හැදින්වෙන මානවරූපී රොබෝව යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙම ක්‍රමය 2020 දී පාරිභෝගික ජනතාව වෙත සේවය සැලසීම සඳහා සිය ශාඛා වෙත මෙම Nao රෝබෝවරුන් බොහෝ දෙනෙක් යෙදවීමට නියමිත බවත් සඳහන් වේ.

Nao රෝබෝවරුන්ට පාරිභෝගිකයාගේ හැඟීම් හඳුනාගනිමින් ඔවුන් වෙත සේවය කිරීමේ හැකියාවක් ඇති අතර ඔවුන්ගේ ඇස් ලෙස ක්‍රියාකරන කැමරා දෙකක්ද, කන් ලෙස ක්‍රියාකරන දිශාවන් හතරකට යොමුවූ මයික්‍රෝෆෝනද සවිකර තිබේ.

මීට අමතරව Nao සතුව ස්පර්ශක සංවේදක සවිකර තිබෙන අතර ඔවුනට භාෂා 19ක් කතාකිරීමේ හැකියාවද පවතී.

පාරිභෝගිකයාගේ මුහුණේ හැගීම් හඳුනාගනිමින් කතාකිරීමටත්, ප්‍රතිචාර දැක්වීමටත් Nao හට හැකියාව තිබෙන බව ඇල්ඩෙබාරන් රොබෝටික්ස් සමාගම පවසයි. ඒ සඳහා ඔවුන් යොදාගන්නා මෘදුකාංගය Naoqi නම් වේ.

මේ වන විට Nao රොබෝවරුන් 5000ක් පමණ නිපදවා ඇති බවත් ඒවා සියල්ලගේම මූලික අරමුණ පර්යේෂණ සහ අධ්‍යාපනික කටයුතු සඳහා ඔවුන් යොදැගැනීම බවත් වාර්තා වේ.

Nao ගැන වැඩිදුරටත් දැනගන්න පහත වීඩියෝව නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 February 2015 10:17