April 20, 2024

ආශ්වාසය කළ හැකි එන්නතක් ලාංකික වෛද්‍යවරියකගෙන්

ඕස්ට්‍රේලියාවේ Murdoch ළදරු පර්යේෂණ ආයතනයේ වෛද්‍ය අනුෂි රාජපක්ෂ විසින් සාමාන්‍යයෙන් භාවිතාවන එන්නත් ක්‍රමයට වෙනස් ආශ්වාස කළ හැකි එන්නත් ක්‍රමයක් සොයාගෙන තිබේ.

මෙම ආයතනයේ සහ Monash විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම අපෙක්ෂා කරන්නේ මෙම ගිනි පෙට්ටියක් තරම් වූ උපකරණයක් භාවිතයෙන් නොමේරු ළදරුවන්ගේ පෙනහළු තුළ ඇති හානි වූ පටක මුලික වර්ධක සෛල ආදාරයෙන් යථාතත්වයට පත් කර ගැනීමටයි.

ඔවුන් හට අභියෝගයක් වී ඇත්තේ උෂ්ණත්වයට හා තෙරපීම්වලට ඉතා සංවේදී මෙම එන්නත් තුළ අඩංගු ප්‍රෝටීන් වාෂ්ප තත්වයෙන් ලබා ගැනීම බවවෛද්‍යවරිය පවසයි.

වෛද්‍ය අනුෂි රාජපක්ෂ මහත්මිය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රාජකීය ළමා රෝහලේ Murdoch පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂකවරියක ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 13:25