April 19, 2024

ලොව මිල අධිකම රථය

Bugatti සමාගම විසින් 1930 දශකයේදි Bugatti Type 57 Atlantic නමින් රථ 4ක් නිපදවා ඇත.එවා විකුණු පසු එ රථ අතරින් එකක් අදටත් ලෝකයෙන් සැගවි ගොස් ඇත.

එම රථය නියොජනය කරමින් Bugatti සමාගම මේ ඔවුන්ගේ නවතම la voiture noire හෙවත් The Black Car නම් මේ රථය එළිදක්වා ඇත.මෙය ලෝකයේ මිල අධිකම රථය ලෙස මේ වනවිට පත්ව ඇත.

මෙහි බදු සහිත මිල රුපියල් 2,978,779,000 කි.විශේෂත්වය නම් මේ රථය නිකුත් කර පැය ගණනක් යනවිට නම් ප්‍රසිද්ධ නොකරන ගැනුම්කරුවෙක් විසින් මිලදි ගෙන තිබිමයි.ඔහුටද රථයට මුදල් ගෙවා වසර 2.5ක් රථය නිෂ්පාදනය කර ඔහුට ලබාදෙන තුරු බලා සිටිමට සිදුවේ.

රථය 7993CC V16 එන්ජමකින් සමන්විත අතර එයින් අශ්වබල 1479ක ජවයක් ලබාදෙනු ඇත.ධාවනය කර නොමැති නිසා තවමත් මෙහි උපරිම වේගය ආදිය කිසිවෙකු නොදනි.

Rate this item
(1 Vote)