March 29, 2024

සියලු උපාංගයකම පාලනය ස්මාට් සහකරුවන් වෙත

February 27, 2019

පෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවීන් නිර්මාණය කිරීමට පවා පෙළැඹී සිටී. කාබනික පදනමක් සහිත මිනිසුන් අතින් නිර්මාණය වන සිලිකන් පදනම් වූ බුද්ධිමත් ජීවීන් හෙවත් බුද්ධිමත් රොබෝවන් සහ බුද්ධිමත් පරිගණක පිළිබඳව ගැණිය නොහැකි තරම් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ සාකච්ඡා වීම අහඹුවක් නොවේ. තමන්ගේ ජීවිතය වඩාත් පහසු කරගනු වස්, තමන්ගේ බුද්ධිමත් සහායකයන් හට සිතා මතා කටයුතු කිරීමේ ශක්තිය ලබාදීම මිනිසාගේ අභිප්‍රාය වී තිබේ.

තවමත් අපට මිනිස් චින්තන ශක්තිය සහිත යන්ත්‍රයන් නිර්මාණය කිරීම දක්වා ළඟා වීමට නොහැකි වී තිබුණත්, අපගේ එදිනෙදා වැඩකටයුතු සඳහා සහාය වීමට හැකි සාපේක්ෂාර්ථයකින් බුද්ධිමත් වූ සහකරුවන් නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබේ. මෙම ‘ස්මාට්’ සහකරුවන් අපගේ පරිගණක තුළ, අපගේ ස්මාට්ෆෝන් උපාංගයන්, ස්මාට් ස්පීකර් උපාංගයන් තුළ ලැගුම් ගෙන, අපගේ හඬ විධානයන් පිළිපැදීමට සැදී පැහැදී සිටී.

කෙසේ වෙතත් පසුගිය මස පැවැත්වුණු 2019 ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේදී (CES 2019) ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු පදනම් කොටගත් තවත් උපාංග මුල් ආකෘති ගණනාවක් එළිදැක්වුණු අතර, එයින් පැහැදිලි වූයේ ඉතා නුදුරු අනාගතයේදීම අපගේ ස්මාට් නිවාසයන්හි ඇති සෑම සියලු උපාංගයක්ම ස්මාට් ඩිජිටල් සහකරුවන් අතින් පාලනය වනු ඇති බවත්, අපට මෙම ස්මාට් ඩිජිටල් සහායකයින්ව කටහඬ විධානයන් හෝ ස්පර්ෂ තිර පාලකයන් හෝ ඉරියව් විධානයන් ඔස්සේ පාලනය කිරීමට හැකි වනු ඇති බවත් වේ.

මේ දැක්වෙන්නේ 2019 ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශනයේ ප්‍රධාන ආකර්ෂණයන් බවට පත්ව තිබූ, ඇලෙක්සා ස්මාට් ඩිජිටල් සහකරු ඔස්සේ පාලනය වන ස්මාට් උපාංග කිහිපයකි.

Rate this item
(0 votes)