March 29, 2024

WhatsApp පණිවුඩ හුවමාරුව ශ්‍රී ලංකාවේ සීමා වෙයි

 WhatsApp හරහා ලැබුණු  පණිවුඩයක් නැවත වෙනත් අයෙකුට යැවීම (Forward)  පස් වතාවකට සීමා කර තිබේ. ඒ අසත්‍ය තොරතුරු හුවමාරු වීම වැළැක්වීම සඳහාය. මිට පෙර වෙනත් රටවල් වල මෙය ක්‍රියාත්මක වූ අතර අද සිට එය ශ්‍රී ලංකාවටද බල පැවැත්වෙන බව WhatsApp සමගම නිවේදනය කළේය.

ෆේස්බුක්හි අනු සමාගමක් වන  WhatsApp මගින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යැවීමට  (Forward) කිරීමට මෙතෙක් අවස්ථාව ලබා දී තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 January 2019 15:49