April 25, 2024

මොහාලි කණ්ඩායමට ජය

ඉන්දීය පී‍්‍රමියර්ලීග් තරගාවලියේ 09 වැනි තරගය හයිද්‍රාබාද් සහ මොහාලි කණ්ඩායම අතර ඊයේ සාජාහි දී පැවැත් විය.

එහි දී ලකුණු 72කින් මොහාලි කණ්ඩායම ජයග්‍රහණය කළහ.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔවුන් නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 193ක් රැස් කර තිබේ.

අනගි ඉනිමක් ක‍්‍රීඩා කළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 43ක දී ලකුණු 95ක් රැස් කළේ හයේ පහර 09ක් සහ හතරේ පහර 05ක් සමගිනි. 

ලකුණු 194ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය හයිද්‍රාබාද් කණ්ඩායමේ සියළු ක‍්‍රීඩකයන් පන්දු වාර 19යි පන්දු 2ක දී දැවී ගියහ. 

Rate this item
(0 votes)