April 25, 2024

පිරික්සුම් පහන් සංදර්ශණයක්

කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදා ගැනීමේ මෙහෙයුම්වලදි තම ජීවිතය නොතකා ඉදිරියට ගොස් තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට හා ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ සුභසාධන කටයුතුවලට අවශ්‍ය මුදල් එක්රැස් කර ගැනිමේ අරමුණින් පිරික්සුම් පහන් සංදර්ශණ පැවැත්වීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

ලබන 25 දින සිට 27 වැනි දා දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේදි පවත්වන අතර පැරෂුට් සංදර්ශනය, සරඹ සංදර්ශනය, තුර්ය වාදක  සංදර්ශනය, ශාරීරික අභ්‍යාස සංදර්ශනය, කරාතේ, ටයිකොන්ඩෝ, වූෂූ සංදර්ශනය, සුනඛ සංදර්ශනය, යතුරුපැදි සංදර්ශනය, කමාන්ඩෝ, විශේෂ බළකා ප්‍රහාරාත්මක සංදර්ශනය, ආබාධිත රණවිරුවන්ගේ සංදර්ශනය, යුද්ධ හමුදා ඉංජිනේරු බළකාය වෙතින් ඉදිරිපත් කරනු ලබන පාලම තැනීමේ සංදර්ශනය, යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාව වෙතින් ඉදිරිපත් කරනු ලබන කාලතුවක්කු සංදර්ශනය, විදුලි හා යාන්ත්‍රික බලකාය වෙතින් ඉදිරිපත් කරනු ලබන වාහන ගැලවීමේ/සවිකිරීමේ සංදර්ශන පැවැත්වීමට නියමිතය.

රුපියල් 100, රු 500, රු 1000 යන මිළගණන් වලට ටිකට්පත් එදින දොරටුවෙන් ලබාගත හැක.

 

Rate this item
(0 votes)