April 25, 2024

සංගාගේ නිල සමුගැනීම

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

මීළඟ පන්දුවාර විස්සය 20 ලෝක කුසලානය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැඟීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් තමන් මෙසේ සමුගැනීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති එම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි මාසවලදී ටෙස්ට් හා එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමට තමන්ට හැකියාව ඇති බවයි.

Rate this item
(0 votes)