April 20, 2024

ආරක්ෂක සේවා නෙට්බෝල් ජයග‍්‍රහණය ගුවන් හමුදාවට

ආරක්ෂක සේවා 2014 නෙට්බෝල් තරගාවලියේ අවසන් තරගය සඳහා  යුධ හමුදාව සහ ගුවන් හමුදාව තරග වැදුනු අතර එහිදී 47 ට 44ක් ලෙස ඉතා තියුණු තරගයකින් පසුව යුධ හමුදා කණ්ඩායම පරදවා ගුවන් හමුදා කණ්ඩායම ජයග‍්‍රහණය කරන ලදී.

මෙම තරගය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලීය ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී පැවැති අතර එහිදී තරගාවලියේ නෙට්බෝල් රැජින ලෙස ගුවන් හමුදාවේ ගුවන් කාන්තා නිලූෂි කිරුන්‍දා පැලදීය. 

මෙම තරගාවලියේ ජය සංකේත ප‍්‍රධානය සඳහා ආරාධිත අමුත්තා ලෙස ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක අද්මිරාල් ඩබිලිව් එස් ජයසිංහ සහභාගි විය.

Rate this item
(0 votes)