April 20, 2024

විශේෂ ඔලිම්පික් ආසියානු පැසිපික් තරගාවලියෙන් රිදී පදක්කමක්

ශ්‍රවණාබාධිත දැරියක්වන කේඒජී ප්‍රීතිකා සමන්මලී සිසුවිය පසුගිය වසරේ විශේෂ ඔලිම්පික් ආසියානු පැසිපික් තරගාවලියේ වයස අවුරුදු 20 න් පහළ මීටර්  400 බාලිකා ඉසව්වෙන් රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දී තිබේ.

දකුණු පළාත් ක්‍රීඩා පුහුණුකරු චන්දිම නිරෝෂන් මහතා යටතේ ඇය මුල් පුහුණුව ලබා තිබේ.

එම සිසුවිය ගාල්ල, මීපාවල අමරසූරිය විදුහලේ ඉගෙනුම ලබන අතර ඇය ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ පදිංචි ව සිටී.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)