April 25, 2024

ලංකාව මේ ලබාගත් ජය විශිෂ්ඨයි-අර්ජුණ රණතුංග

"අපේ ක්‍රිකට් කණ්ඩායම ඉතා දක්ෂ කණ්ඩායමක්.මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට පුළුවන් වුණා නැවත වතාවක් ලෝක කුසලානයක් ලංකාවට ගේන්න. ලෝක කුසලානයක් කිව්ව ම පන්දුවාර 20 හෝ 50 කියලා වෙන් කිරීමක් කරන්න බැහැ. ලංකාව මේ ලබාගත් ජය විශිෂ්ඨයි. දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම අංක එකේ ස්ථානය වෙත ගෙන ඒමට ලොකු වෙහෙසක් දැරුවා. මේ වෙද්දි ක්‍රිකට් තරගයක් අතීතයේ වගේ ක්‍රීඩකයින් දෙන්නෙක්, තුන්දෙනෙකු මත රඳා පවතින් නෑ. හැම ක්‍රීඩකයෙක්ම  එක වගේ වර්තමානය වෙද් දි ක්‍රීඩා කරනවා. ඒක සුබ ලකුණක්. මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන කිහිපයක් ම ගෙන ඒමට හැකිවෙයි කියලා මම හිතනවා."-අර්ජුණ රණතුංග

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 April 2014 16:24