April 20, 2024

කුමාර් සංගක්කාර පියවරක් පසුපසට

November 10, 2014
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (09දා) නිකුත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වලට අනුව ඉන්දීය කණ්ඩායම නැවතවරක් අංක එකට පැමිණ තිබේ. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියේ ඊයේ පැවැති තුන්වැනි තරගයෙන් පසු මෙම ගණනය කිරීම් සිදුකර ඇත.
 
ඉන්දීය කණ්ඩායම මේවන විට පළමු තරග තුන ජයගෙන එම තරගාවලියේ පෙරමුණගෙන සිටින අතර, ඒ හේතුවෙන් අවසන්වරට පසුගිය 02 වැනිදා සිදුකළ ගණනය කිරීම්වලට අනුව පළමු ස්ථානයේ පසුවූ දකුණු අප්‍රිකානු කණ්ඩායම නව ශ්‍රේණිගතකිරීම් වලට අනුව අංක දෙක දක්වා පසුබැස ඇත. ඒ හැර වෙනත් වෙනස්කමක් සිදුවි නොමැත.
 
මීට අමතරව ඊයේ (09දා) සිදුකළ එක්දින පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් වලට අනුව අංක පහෙහි පසුවූ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර අංක හය දක්වා පියවරක් පසුබැස ඇති අතර, ඉන්දීය තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ශිකර් දවාන් නවවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. ඔවුන්ට අමතරව අංක හතෙහි පසුව තිලකරත්න ඩිල්ශාන් නව වැනියා දක්වා පසුබැස ඇත. කෙසේ නමුත් පළමු ස්ථාන හතරෙහි වෙනසක් සිදුව නොමැත.
 
දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (09දා) අවසන්වූ විස්සයි20 තරගාවලියෙන් අනතුරුව සිදුකළ විස්සයි20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එක් වෙනස්කමක් සිදුව ඇත. එම තරගාවලියෙන් තරග 2-1 පරාජයක් අත්විඳීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදුවූ අතර, ඒ හේතුවෙන් තෙවැනි ස්ථානයේ පසුවූ ඔවුන්ට සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය. නව ශ්‍රේණිගතකිරීම් වලට අනුව සිවුවැනි ස්ථානයේ පසුවූ පාකිස්තාන කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
 
Rate this item
(0 votes)