April 24, 2024

කුමාර් සංගක්කාර උපුල් තරංග, සුරාජ් රන්දීව් හා ධමිම්ක ප්‍රසාද් යළි දිවයිනට

November 10, 2014
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්දීය සංචාරයේ සිවුවැනි හා අවසන් එක්දින තරග දෙක සඳහා හිටපු උපනායක ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් හා ශාමින්ද එරංග එක්කිරීමට ජාතික තේරීම් කමිටුව තීරණය කර තිබේ.
 
මේ අනුව කුමාර් සංගක්කාර, උපුල් තරංග, සුරාජ් රන්දීව් හා ධමිම්ක ප්‍රසාද් යළි දිවයිනට පැමිණීමට නියමිතය. 
 
දිනේෂ් චන්දිමාල් පසුගිය අගෝස්තු මස පාකිස්තානයට එරෙහි අවසන් ජාත්‍යන්තර එක්දින තරගයට එක්වූ අතර ළහිරු තිරිමාන්න හා අජන්ත මෙන්ඩිස් ජුලි මස සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියට අවසන් වරට එක්විය.
Rate this item
(0 votes)