April 24, 2024

මටත් ලෝක කුසලානයේ ආරම්භය තෙක් බලා හිඳින්න බෑ - මැතිව්ස් (Video)

"2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්. අනෙක් ක්‍රීඩකයන් මෙන් මටත් ලෝක කුසලානයේ ආරම්භය තෙක් බලා හිඳින්න බෑ. හැම ක්‍රීඩකයෙක්ම ලෝක කුසලාන ජයග්‍රහණයක් ගැන සිහින මවනවා." 

ශ්‍රී ලංකා කණඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලානයට තව දින 100 යන විශේෂාංගයට එක්වෙමින්  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට මෙලෙස පවසා තිබේ.

2015 වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයේ පළමු තරගයට නවසීලන්තය සමග  මුහුණ දෙනු ලබන්නේ ශ්‍රී ලංකා පිළ වන අතර මෙවරසත් කාරකත්වය දරන  නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයට තව දින 100 යි යනුවෙන් පසුගිය 05 වෙනිදා මහත් හරසරින් එම අවස්තාව සමරා තිබුනා.

මේ පිළිබඳ වීඩියෝව පහළින් නරඹන්න...

Rate this item
(0 votes)