සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 162කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ සමත් විය. ෂෙයික් අබු නසර් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 433ක් රැස් කර ගැනිමට සමත් විය.
සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිමට සියලූදෙනා දැවී රැස්කළේ ලකුණු 368ක් පමණයි. පළමු ඉනිමේදී ලකුණු 65ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 9කට ලකුණු 248ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.
ඒ අනුව ලකුණු 314ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට සියලූදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 151ක් පමණයි. ඉනිම දෙකේදීම කඩුලූ 10ක් දවාගත් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් තරගයේ වීරයා සම්මානය හිමිකරගනු ලැබුවා. දෙරට අතර තෙවන ටෙස්ට් තරගය ලබන 12 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.