April 25, 2024

වසරේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයා ඇන්ජලෝ මැතිව්ස්

November 07, 2014
මේ වසරේ වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කී‍්‍රඩකයා බවට පත්වීමට ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. ඒ ඉන්දියාව සමග දැන් පැවැත්වෙන තරගයේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් නොදැවී ලකුණු 92 ක් රැස් කරගනිමින්.
 
 ඒ අනුව මැතිව්ස් මේ වසරේ සහභාගි වූ තරග 22 දී රැස්කර ගෙන සිටින මුළු ලකුණු සංඛ්‍යාව 838 ක්. ඊට අර්ධ ශතක 7 ක් ද ඇතුළත්.
 
  අවස්ථා තුනකදී ලකුණු 89 සීමාව ඔහු පසුකර ඇතත්  කිසිදු ශතකයක් රැස් කිරීමට නොහැකිවීමද කැපී පෙනෙන සිද්ධියක්. මේ වසරේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ කුමාර් සංගක්කාරයි. 
ඔවුන් දෙදෙනා හැරුණු කොට වෙනත් කිසිවෙකු ලකුණු 800 සීමාව පසුකර ගොස් නොමැත.
 
Rate this item
(0 votes)