April 25, 2024

යාපනයේ රණවිරු පාපැදි සවාරියක්

මෙවර සිංහල හා හින්දු අළුත් අවුරුද්ද නිමිතිකොට ගෙන යාපනයේ යුධ හමුදා බලසේනා මුලස්ථානය සංවිධානය කරනු ලබන පාපැදි සවාරිය පසුගිය දා රණවිරුවන් 700 කගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලඳි.

කණ්ඩායම් 32ක් අයියකච්චි, පේදුරුතුඩුව, වාසවිලාන්, තෙලික්පලෙයි යන ස්ථාන වලින් පසුගිය 30 වැනිදා පෙරවරු 6.00 ට මෙම පාපැදි සවාරිය ආරම්භ කර පෙරවරු 9.30 ට දොරේඅප්පා ක්‍රිඩාංගණයෙන් අවසන් විය.

යාපනය බලසේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවී ඇති අතර එහිදි සහභාගි වුවන්ට ත්‍යාග ප්‍රදානය කරන ලදි. 

Rate this item
(0 votes)