April 25, 2024

ඉදිරි වසරේ කලුතර දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගම් සභාපතිවරයා සුමිත් ආර්. පෙරේරා

November 05, 2014
ඉදිරි වසරට අදාළ නිලධාරීන් තෝරාපත්කර ගැනීම සඳහා පැවැති කලුතර දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගම් නිලවරණයේදී සභාපතිවරයා ලෙස යළිත් සුමිත් ආර්. පෙරේරා මහතා තේරී පත්විය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීකට්‌ ක්‍රීඩා සමාජයක්‌ වන බදුරලිය ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාද වන සුමිත් ආර්. පෙරේරා මෙවර සභාපතිවරයා ලෙස අසුන්ගනු ලැබුවේ පිට පිටම 9 වැනි වතාවට වීම විශේෂත්වයක්‌ වේ.
 
කලුතර දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගම් නිලධාරී මණ්‌ඩලය - සභාපති - සුමිත් ආර්. පෙරේරා, උප සභාපතිවරු - සමන්ත මුණසිංහ, වජිර ලක්‌ෂ්මන්, සරත් ප්‍රනාන්දු, ප්‍රනීත් පීරිස්‌, ලේකම් - චන්ද්‍ර රුද්‍රිගු, උප ලේකම් - තුසිත ඔබේසේකර, භාණ්‌ඩාගාරික - ආර්. එස්‌. පෙරේරා.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 November 2014 09:18