March 29, 2024

අවසන් තරගයට ඉන්දියාව සහ ලංකාව

බංග්ලාදේශයේදී පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම  සමත් විය. ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමිනි. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව  ලකුණු 172ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ඉන්දියාව පන්දුවාර 19.1දී  ජයග්‍රහණය තහවුරු කළේය. 

විරාට් කෝලි පන්දු 44දී ලකුණු 72ක් ලබා ගනිමින්  තරඟයේ වීරයා බවටද පත් විය .ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සහභාගී වනු ඇත 

Rate this item
(0 votes)