April 16, 2024

කොදෙව්වන් පරදා ශ්‍රී ලංකාව අවසන් මහ තරඟයට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර 03 වැනි දා පැවති තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ කොදෙව්වන් ලකුණු 27කින් පරාජයට පත්කරමින් අවසන් මහ තරඟයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගැනීමට සමත් විය. ලහිරු තිරිමාන්න ලකුණු 44ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 39ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලකුණු ලබා ගැනීමට සමත් විය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව්වන් පන්දුවාර 13.5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 80ක් ලබා සිටියදී ඇද වැටුණු ධාරාණිපාත වර්ෂාව සමග තරඟය නතර කිරීමට තීරණය කළේය. 

පසුව තරඟය ආරම්භ කිරීමට නොහැකි වී හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ශ්‍රී ලංකාවට ලකුණු 27ක ජයක් හිමිවිය. 

ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව විස්සයි 20 තරඟාවලියේ අවසන් මහ තරඟයට තේරීපත් විය. 

Rate this item
(0 votes)