March 28, 2024

දෙටු පුරවැසි සුහද හවුලේ අවුරුදු උත්සවය 06 වැනි දා 

කොට්ටාව නැගෙනහිර දෙටු පුරවැසි සුහද හවුල දෙවැනි වරට සංවිධාන කරන සිංහල අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 06 වැනි දා විද්‍යාදාන මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

එදින පෙරවරු 08.15 සිට පස්වරු 06.00 දක්වා එය පැවැත් වේ.

කොට්ටාව නැගෙනහිර ග්‍රාම සේවා වසමේ පදිංචි අවුරුදු 60 ට වැඩි ගැහැණු පිරිමි දෙපිරිසේ ම එකමුතුකම, සමගිය විදහා පෙන්වමින් ඔවුන්ගේ විනෝදය සහ සතුට සඳහා එම අවුරුදු උත්සවය පැවැත් වේ.

Rate this item
(0 votes)