March 29, 2024

කී‍්‍රඩක විනය නීති බිඳ දැමූ ඩිල්ෂාන්ට දඩ 

ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර 31 වැනි දා පැවැති 20 - 20 ලෝක කුසලාන තරගයේ දී කී‍්‍රඩක විනය නීතිරීති බිඳ දැමීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ තරග මුදලින් 20% ක දඩයක් නියම කර තිබේ.

විනිසුරුවරයාගේ තීරණයට විරෝධය දැක්වීම හේතුවෙන් තරග තීරක ඩේවිඩ් බූන් මහතා ඩිල්ෂාන්ට දඩ නියම කර ඇත.

පන්දුව ඩිල්ෂාන්ගේ අත් ආවරණයේ වැදී ගිය ද තමන්ගේ වැලමිට පිරිමදිමින් ආපසු කී‍්‍රඩාගාරයට පියමං කිරීම හේතුවෙන් ඩිල්ෂාන්ට එම දඩය නියම කර ඇතැයි වාර්තා වේ.

ඩිල්ෂාන් සිය වරද පිළිගත් අතර තමන්ට නියම කළ දඩයට ද යටත් විය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 April 2014 12:25