March 28, 2024

ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය නිවෙස් කරා

ඉන්දියාවට එරෙහිව ලකුණු 73 කින් පරාජයවීම හේතුවෙන් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ප්‍රභල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉකුත් 30 වැනිදා සිදුවිය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියානු කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව ඉන්දියානු පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම‍ ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 86ක් පමණි.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 31 March 2014 10:06