March 29, 2024

චැම්පියන්ස් ලීග් ඊයේ තරඟයෙන් නොදර්ස් නයිට්ස් කණ්ඩායම ජය ලබයි

September 20, 2014
චැම්පියන්ස් ලීග් පන්දුවාර 20/20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් නවසීලන්තයේ නොදර්ස් නයිට්ස් කණ්ඩායම කේප් කෝබ‍්‍රාස් කණ්ඩායම විසින් පරාජය කළා.
 
තරගය පැවැත්වුණේ ඉන්දියාවේ රායිපූර් හී ෂහීඞ් වීර් නාරායන් සිංග් ක‍්‍රීඩාංගණයේදියි. පළමුවෙන් පන්දුවට පහරදුන් නොදර්න් නයිට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 05ක් දැවි ලකුණු 206ක් රැස්කර ගත්තා.
 
වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා කේප් කෝබ‍්‍රා කණ්ඩායමේ පිළිතුරු ඉනිම පන්දුවාර 07යි පන්දු 02කට සීමා වු අතර ඒ වන විට කඩුළු 02ක් දැවි සිටි ඔවුන් තරගය ජය ගැනීම සඳහා ලබා ගත යුතුව තිබු ලකුණු සංඛ්‍යාව 78ක්. එහෙත් ඒ වන විට ඔවුන් ලබාගෙන සිටියේ ලකුණු 44ක් පමණයි.
 
Rate this item
(0 votes)