April 19, 2024

මාටින් ක්‍රෝ පිළිකා රෝගය නිසා අසාධ්‍ය තත්ත්වයට (VIDEO)

පිළිකා තත්ත්වයකින් පීඩා විඳින නවසීලන්ත හිටපු ක්‍රිකට් නායක මාටින් ක්‍රෝගේ තත්ත්වය අසාධ්‍ය අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පිළිකා තත්ත්වය නැවතත් තමාව පාලනය කිරීමට පටන් ගෙන ඇති බව මාටින් ක්‍රෝ සිය ට්විටර් ගිණුම මගින් සඳහන් කර තිබේ.

50 හැවිරිදි ක්‍රෝ 2012 වර්ෂයේදී දෙවැනි පංතියේ 'ලිම්පෝමා' නැමැති පිළිකා තත්ත්වයෙන් පීඩා විඳින බව අනාවරණය විය.

නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 77 කදී හා එක්දින තරග 143 කදී නවසීලන්තය නියෝජනය කර ඇතැ ක්‍රෝ අවසාන වශයෙන් පැවසුවේ, තමා දැන් ඕනෑම තත්ත්වයකට සූදානම් බවයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 September 2014 16:21