April 25, 2024

මවිබිම පාවාදුන් මාලිංග යළිත් මවිබිමට

September 17, 2014
ශ්‍රී ලංකාවේ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම අතැර ඉන්දියාවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්ව චැම්පියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා එක්වූ ලසිත් මාලිංගට නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණී තිබේ.
 
ඒ ඊයේ (16දා) නොදර්න් දිස්ත්‍රික් කණ්ඩායම හා පැවැති තරගය ඔවුන් පරාජය ලැබූ හෙයිනි. 
 
මුම්බායි ඉන්දියනස් කණ්ඩායම ලකුණු 132ට සීමා කළ නොදර්න් කණ්ඩායම පන්දුවාර 17.2කදී කඩුලු 4ක් පමණක් වැය කර ඉලක්කය සපුරා ගත්තේය.
 
ශ්‍රී ලංකා සුපර් ෆෝ තරගාවලියේ ශූරතාව දිනූ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග විසින් දරනු ලැබූ හෙයින් ඔහු චැමිපියන්ස් ලීග තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට මුම්බායි කණ්ඩායම හා තරග කළේය.
 
 
 
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 17 September 2014 12:54