March 29, 2024

යුපුන් අබේකෝන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස වාර්තා අතරට

September 10, 2020

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කර ගැනීමට යුපුන් අබේකෝන් ඊයේ (08) සමත් විය.

ඒ, ජර්මනියේ පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකදීය.

ජර්මනියේ පැවති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූ යුපුන් අබේකෝන් එහිදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වට එක් විය.

එම ඉසව්ව තත්පර 10යි දශම 1යි 6කින් නිමකළ යුපුන් පිරිමි මීටර 100 ඉසව්වේ දකුණු ආසියානු වාර්තාව සහ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතුකර ගත්තේය.

යුපුන් අබේකෝන් එලෙස බිඳ හෙලුවේ පසුගිය වසරේ හිමාෂ ඒෂාන් විසින් එම ඉසව්ව තත්පර 10යි දශම 2යි 2කින් නිමකරමින් තබා තිබූ වාර්තාව විය.

පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ නව දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවලට හිමිකම් කියන යුපුන් අබේකෝන් ඉතාලියේ නේවාසිකව සිය පුහුණුවීම් කටයුතු සිදුකරන ක්‍රීඩකයෙකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:04