March 28, 2024

"මම ආතතියෙන් සිටියේ, මට සමාවෙන්න" - සුපිරි ටෙනිස් ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවත් කළ සිදුවීම මෙන්න

September 07, 2020

ලෝකයේ අංක එකේ සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් ව ඇමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියෙන් ඉවත් කොට ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නොවෙක් ජොකොවිච් සහ පැබ්ලෝ කැරෙනෝ බුස්ටා අතර පැවැති තරගයේ දී නොවෙක් අතින් සිදු වූ වැරැද්දක් හේතුවෙන් ඔහුව මෙලෙස තරඟාවලියෙන් ඉවත් කොට තිබේ.

නොවෙක් ජොකොවිච් අතින් ලකුණක් මග හැරීම නිසා ඔහු විසින් කලකිරීමෙන් ඔහුගේ පිටුපස කලාපයට වේගවත් පන්දු පහරක් එල්ල කර තිබුණු අතර එම පහර ක්‍රීඩාංගණයේ සිටි පැති විනිසුරුවරියකට වැදී තිබුණි.

පන්දුව වැදීමෙන් පසු ඇයට තුවාල වූ බව වහාම පැහැදිලි වූ අතර සර්බියානු ජාතික ටෙනිස් ක්‍රීඩකයාගේ ඇගේ තත්වය පරීක්ෂා කිරීමට ඉක්මන් විය.

මෙම සිදුවීමෙන් පසුව තරග තීරක සෝරෙන් ෆ්‍රීමෙල් සහ ප්‍රධාන විනිසුරු ඕරෙලි ටුවර්ට් සහ ග්‍රෑන්ඩ් ස්ලෑම් අධීක්ෂක ඇන්ඩ්‍රියාස් එග්ලි සමඟ තරගාවලි නිලධාරීන් සහ ජොකොවිච් දිර්ඝ සාකච්ඡාවක් පැවැති අතර අවසන් තීන්දුව ලැබීමට පෙර නොවාක් ජොකොවිච් ක්‍රීඩාගාරයෙන් ඉවත්ව ගියේය.

පසුව ඉන්ස්ටග්‍රෑම් සමාජජාලයට පණිවිඩයක් එක් කරමින් තමන් අතින් සිදු වූ දෙයට කණගාටු වන නොවාක් ජොකොවිච් පවසා තිබූ අතර තමන් එම අවස්ථාවේ ආතතියට පත්ව සිටි බවත් තමන් එම කළ ක්‍රියාව වැරැදි බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි.

තමන් එම තරගයට නොසුදුස්සෙකු වූ පසුව එයින් තමන්ගේ ක්‍රීඩා දිවියටත්, ජීවිතයටත් පාඩමක් කරගන්නා බව ඔහු එහිදී කියා තිබුණි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:06