March 29, 2024

බාබර් අසාම්ගෙන් මහේන්ද්‍ර සිං දෝණිට පණිවිඩයක්

පසුගියදා තම ක්‍රිකට් දිවියට සමු දුන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි කඩුළු රකින ක්‍රීඩක මෙන්ම පිතිකරු මහේන්ද්‍ර සිං දෝණි හට පාකිස්ථාන සීමිත පන්දුවාර නායක මෙන්ම සුපිරි පිතිකරු බාබර් අසාම් විසින් සුබ පැතුම් පනිවිඩයක් එක් කර තිබුණි.

එහිදී අසාම් විසින් දෝණි වෙත පවසා තිබුණේ ඔහුගේ ක්‍රිකට් දිවිය ක්‍රිකට් ලෝකය තුළ සදාකාලිකවම මතක තිබෙනු ඇති බවයි. 

ඔහුගේ නායකත්වය මෙන්ම, ක්‍රිකට් පිටිය තුළ තිබූ සටන්කාමීත්වය සහ ඔහුගේ ක්‍රිකට් උරුමය සාදාකාලික බවද අසාම් එහිදී පවසා තිබුණි.

ඔහුගේ විශ්‍රාම ජීවිතයට සුබ ප්‍රාර්ථනා කිරීමටද අසාම් අමතක නොකර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 August 2020 12:03