April 19, 2024

හෝමාගම ඉදිවෙන විශාලතම ක්‍රිකට් පිටිය ගැන ICC යත් පුදුම වෙයි

ආසන 60,000 ක ධාරිතාවයකින් යුතු ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ අක්කර 26ක භූමියක් පුරාවට ඉදි කිරීමට නියමිතව තිබූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිළිබඳව රට තුළ ආන්දෝලනාත්මක කතාබහක් ඇතිව තිබේ. හිටප්‍ර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ද මෙම පිළිබඳව විවිධ මත ඉදිරිපත් කරමින් සිටි.

ඊයේ (19) දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) යේ ණය ආධාර මත මෙම ක්‍රීඩා පිටිය ඉදි කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදලක් මේ සඳහා වැය නොවන බවද ඔවුන් පවසා තිබුණි. මෙම ක්‍රීඩා පිටිය ඉදි කිරීමට ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක් බවද වාර්තා වෙයි.

පෞද්ගලික රූපවාහිනි ආයතනයක් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් කරුණු විමසා තිබුණු අතර එහිදී එම කවුන්සිලය මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුදුමයට පත්ව ඇතැයි වාර්තා වේ.

එම රූපවාහිනී ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු රාජ්ශේකර් රාඕගෙන් මෙලෙස කරුණු විමසා තිබුණු අතර ඔහු එහිදී කියා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ණය මුදලක් ලබා දීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක කටයුත්තක් සිදු වී නොමැති බවයි. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කිසිදු ආකාරය විධිමත් ක්‍රියාවලියක් හා සාකච්ඡාවක් සිදුව නොමැති බවයි.

Rate this item
(0 votes)