April 20, 2024

ලංකාවේ ඉදිවෙන්නට යන ලොකුම ක්‍රිකට් පිටිය ගැන මහේල් කියපු කතාව

ආසන 60,000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ ඉදි වීමට නියමිතව ඇත. 

මේ වන විට එම ක්‍රීඩාංගණය ඉදි කිරීමට යෝජිත භූමියද නිරීක්ෂණයට ලක් කර ඇත. එම භූමිය අක්කර 26ක භූමියක් පුරා ඉදි වීමට නියමිතව ඇති අතර ක්‍රීඩාංගණයේ නිර්මාණය කටයුතුවල පළමු අදියරයේ දී ආසන 40,000කින් යුක්තව ක්‍රීඩාගාරය නිර්මාණය කරනු ලබන අතර දෙවන අදියරයේ දී තවත් ආසන 20,000ක් එක් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණයන් අතරින් මෙම විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් ද පළකරමින් සිටි. ඒ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට්, එක්දින තරග කණ්ඩායම්වල හිටපු නායක මෙන්ම සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ද ඔහුගේ ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ක්‍රීඩාංගණය පිළිබඳව අදහස් දක්වා ඇත.

මහේල එම සටහන තුළ දී කියා තිබුණේ ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ තුළද ප්‍රමාණවත් තරම් ජාත්‍යන්තර තරග, දේශිය ක්‍රිකට් තරග හෝ පළමුපෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තරම් හැකියාවක් නැති මොහොතක තවත් ක්‍රීඩාංගණයක් ඇත්ත වශයෙන්ම අවශ්‍ය බවද ඔහු ප්‍රශ්න කර තිබුණා.

මහේලගේ ට්විටර් සටහන පහතින්

Rate this item
(0 votes)
Last modified on Monday, 18 May 2020 09:02