April 25, 2024

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයන් තමන්ගේ වැටුපෙන් කොටසක් කොරෝනා ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කරයි

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 27 දෙනෙකු තමන්ගේ මාසික වැටුපෙන් භාගයක් බංග්ලාදේශයේ කොරෝනා ආසාදනයන් වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි. මෙම 27 දෙනාගෙන් 17 දෙනෙකු එරට ක්‍රිකඩ් මණ්ඩලයේ කොන්ත්‍රාත් ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයන් වෙන අතර අනිත් ක්‍රීඩකයන් 10 දෙනා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන පිරිසකි.

"මුළු ලෝකයම කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කරයි. බංග්ලාදේශයේ දවෛරසය පැතිරෙමින් පවතී. මෙම වසංගතය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ක්‍රිකට් ක්‍රීඩකයින් සමාජ සහ මාධ්‍යවලින් ජනතාව දැනුවත් කිරීමට උත්සාහ කරමු" යැයි එම ක්‍රීඩකයන් පිරිස එක්ව කළ ප්‍රකාශයේ සඳහන් වෙයි.

ඔවුන් එම ප්‍රකාශය තුළ වැඩිදුරටත් පවසා තිබුණේ බදු ඉවත් කිරීමෙන් පසුව එක් ක්‍රීඩකයෙකුගෙන් බංග්ලාදේශ ටකා ලක්ෂ 25ක මුදලක් එකතු වෙන බවයි. එය වෛරසය සඳහා ප්‍රමාණවත් නොවුණත් සියලු දෙනාම එක්ව එයට සහයෝගය දැක් වුවහොත් මෙයට විසඳුමක් සෙවිය හැකි බව ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට බංග්ලාදේශයේ 44 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති අතර 05 දෙනෙකු මරණයට පත් වී තිබේ.

Rate this item
(0 votes)