රටවල් කිහිපයක ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් පුහුණු වීම් කඳවුරු නවතා දැමීමට හා කල් දැමීමට එම රටවල බලධාරීන් තීරණය කර ඇතිබව ජපානයේ පුවත් සේවයන් වාර්තා කර තිබෙනවා.
කොළොම්බියානු ටේබල් ටෙනිස් කණ්ඩායම සහ ජිම්නාස්ටික් කණ්ඩායම ජපානයේ කිටකියුෂු හී පුහුණු වීම් අවලංගු කිරිමට තීරණය කර තිබේ. එමෙන්ම පැරා ඔලිම්පික් සඳහා සහභාගීවෙන බ්‍රිතාන්‍යය රෝදපුටුවලින් ක්‍රීඩා කරන බාස්කට් බෝල් කණ්ඩායමද ජපානයේ ටෝකියෝ නුවර උරයාසු හී පැවැත්වීමට තිබූ පුහුණු සැසියද අවලංගු කර තිබෙන බවත් ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
මෙයට හේතුව ලෙස එම රටවල් පෙන්වා දෙන්නේ තමන්ගේ ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළින් පවත්වාගෙන යාමට අවශ්‍යය බවයි.