March 29, 2024

ශතකයක් වාර්තා කළ පසුව නවසීලන්ත සුපිරි පිතිකරු දිව දික් කරන හේතුව හෙළි කරයි

February 08, 2020

පසුගිය බදදා (05) දින ඉන්දීයාව සහ නවසීලන්තය අතර පැවැති එක්දින තරඟයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ නවසීලන්තය එක්දින තරගයක් තුළ හඹා ගිය වැඩිම ලකුණු ප්‍රමාණය වු ලකුණු 348ක ප්‍රමාණය හඹා ගොසිනි.

මෙහිදි නවසීලන්ත කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුල මෙන්ම පරිනත ක්‍රීඩකයෙකු වන රෝස් ටේලර්ගේ ශතකය නවසීලන්තය ජයග්‍රහණය වෙත ගෙන යාමට හේතුව බවට පත් වුණා.

එහිදී රෝස් ටේලර් ශතකය සමරන අවස්ථාවේ දිව දික් කිරීම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා. 2015 සිට ටේලර්ගේ මෙම වෙනස්ම සැමරුම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබුණා.

මෙම ශතකයෙන් පසුව කාලයක් තිස්සේ ලෝක ක්‍රිකට් ලෝලීන්ට ගැටලුවක් ව තිබූ ප්‍රශ්නයක් ද නිරාකරණය කරගැනීමට අවස්ථාවක් උදා වුණා. ඒ හිටපු ඉන්දීයානු සුපිරි දඟ පන්දු යවන්නෙකු වු හර්බජාන් සිං විසින් නැඟු ප්‍රශ්නයක් සමඟයි.

⁣ට්විටර් සමාජජාලය හරහා ටේලර්⁣ට සුබ පැතුම් එක් කළ හර්බජාන් ටේලර් මෙලෙස දිව දික් කිරීමට හේතුව විමසා සිටියා.

එහිදී ටේලර් හෙළි කළේ හරි අපුරු කතාවක්.

ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව තමන්ගේ ක්‍රිකට් දිවියේ දෙවන ශතකය වාර්තා කළ දවසේ ද තමන් මෙලෙස දිව දික් කළ බව ටේලර් පවසා සිටියා. එමෙන්ම ටේලර් වැඩි දුරටත් කියා තිබුණේ ඔහුගේ දියණිය ඔහු දිව දික් කරන විට සිනාසෙමින් සතුටු වෙන බවයි.

එමෙන්ම ඔහු තමන්ගේ කුඩා පුතු ද දිව දික් කරගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ට්විටර් සමාජජාලයට එක්කර තිබුණා.

Rate this item
(2 votes)