April 24, 2024

MCC කණ්ඩයාමේ පාකිස්ථාන ක්‍රිකට් සංචාරයට කුමාර් සංගක්කාර නායකත්වය දෙයි

February 01, 2020

මාර්ලිබෝන් ක්‍රික⁣ට් සමාජයේ (MCC) පාකිස්ථානු සංචාරය සඳහා 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කොට තිබෙනවා. මෙම කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම MCC හී වර්තමාන සභාපතිවරයා වන විශිෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාරය.

පාකිස්ථාන සංචාරයේ දී එරට සුපර් ලීග් කණ්ඩායම් වන ලාහෝර් කලන්දර්ස් සහ මල්තාන් සුල්තාන් යන කණ්ඩායම් දෙක සමඟ සංගක්කාර නායකත්වය දරන MCC කණ්ඩායම තරඟ වදින්නට නියමිතයි.

කුමාර් සංගක්කාර (නායක), රවී බෝපාරා, මයිකල් බර්ගස්, ඔලිවර් හැනන්-ඩල්බි, ෆ්‍රෙඩ් ක්ලැසන්, මයිකල් ලීස්ක්, ඇරොන් ලිලී, ඉම්රාන් කයුම්, විල් රෝඩ්ස්, සෆියාන් ෂරීෆ්, රෝලෝෆ් වැන් ඩර් මර්වේ සහ රොස් වයිට්ලි යන පිතිකරුවන් හා පන්දු යවන්නන් මෙම සංචාරයට එක්වීමට නියමිතය.

Rate this item
(1 Vote)