April 16, 2024

කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක් - ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පරදවා ටෙස්ට් තරඟාවලිය ජය ලබයි

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැති තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ අද පැවැති තරගය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමඟයි.

සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගනයේ දී පැවැති 02 වැනි⁣ දෙරට අතර දෙවැනි තරගයේ දී පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 406ක් ලබා ගැනීමට සමත්විය. එහිදී සීන් විලියම්ස් ලකුණු 107 (137) ක් ද, සිකන්ඩර් රාසා 72 (99) ක්ද ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙනිය කඩුළු 4ක් ද, ධනංජය ද සිල්වා කඩුළු 3ක් ද දවා ගැනීමට හැකිවිය.

පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 293ක් පමණයි. එහිද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 63 (158) ක්ද, ඕෂධ ප්‍රනාන්දු 44 (119) ක්ද ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී සිකන්ඩර් රාසා කඩුළු 07ක්ද, ඩොන්ලඩ් ටිපානෝ 01 කඩුල්ලක් ද දවා ගැනීමය සමත් විය.

ලකුණු 113ක් සමඟ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට දෙවැනි ඉනිම සඳහා කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 247ක් ලබා ගෙන ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලබා දුන්නේය. දෙවැනි ඉනිමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 63 (75)ක්ද, සීන් විලියම්ස් නොදැවී ලකුණු 53ක් ද ලබා ගැනීමට සමත්විය. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු කඩුළු 02ක් සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුළු 02ක් දවා ගැනීමට සමත්විය.

ලකුණු 361 ක ජයග්‍රාහී ඉලක්කයක් ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට දිනය නිමාවෙන විට ලබා ගැනීමට හැකි වුණේ කඩුළු 03ක් දැවී ලකුණු 204ක් පමණි. කලකට පසු ලකුණු අතරට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 233කට මුහුණ දෙමින් ලකුණු 116ක් ලබා ගැනීමට සමත්විය. ඕෂධ ලකුණු 47ක් ලබා ගැනීමට සමත්විය.

ඒ අනුව අද තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා පළමු තරගයේ ජයත් සමඟ 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය ජය ලැබීය. තරඟාවලියේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ද, අද තරගයේ වීරයා ලෙස සිකන්ඩර් රාසා ද තේරී පත්විය.

Rate this item
(1 Vote)