April 20, 2024

ඇන්ජිගෙන් ද්වීත්ව ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් අද සිම්බාබ්වේ ට එරෙහිව තමන්ගේ ප්‍රථම ටෙස්ට් ද්වීත්ව ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

32 වන වියේ පසුවන ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් තරග 85කට සහභාගී වී ඇති අතර එහිදී ඉනිම් 152 දී ලකුණු 5904ක් ලබාගෙන තිබුණා. ඒ අතරට ශතක 09ක් හා අර්ධ ශතක 34ක් ඇතුළත් වෙනවා.

ඇන්ජලෝ ⁣මැතිව්ස් මෙම ද්වීත්ව ශතකය වාර්තා කරනු ලැබුවේ සිම්බාබ්වේ හරාරේ හීදි පැවැත්වෙන සත්කාර සිම්බාබ්වේ කණ්ඩයාම සමඟ පැවැත්වෙන තරග 2කින් යුතු ටෙස්ට් තරගාවලියේ දීය.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 468කදී ලකුණු 200 රැස් ක ගැනීමට සමත් වූ අතර එම ද්වීත්ව ශතකයට 6 පහරවල් 3ක් සහ 4 පහරවල් 16ක් ඇතුළත් වුණා.

Rate this item
(1 Vote)