April 25, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් පැයට කි.මී. 175 ක වේග පන්දුවක් ලෝක වාර්තාවක් බවට පත්වෙයි

අවු.19 පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා අවු.19 පහළ කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විසින් ලෝක වාර්තාගත පන්දුවක් යැවීමට සමත්ව තිබේ.

ඉන්දියානු අවු.19 පහළ කණ්ඩායමේ ඉනිමේ 04 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරමින් මතීෂ පතිරණ විසින් පැයට කිලෝ මීටර් 175 (පැයට සැතපුම් 108ක) වේගයකින් යුතු පන්දුවක් යැවීමට සමත් වී තිබෙනවා. එය අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම තරග රටාවක වේගවත්ම පන්දුව බවට ලෝක වාර්තා අතර එක් වෙනවා.

මෙම පන්දුවට මුහුණ දුන්නේ යෂස්වි ජිස්වාල් ය. නමුත් මෙම පන්දුව වයිට් පන්දුවක් ලෙස විනිසුරු විසින් සටහන් කරනු ලබනවා. පන්දුවෙහි වේගය පරික්ෂා කරන අවස්ථාවේ දී එය පැයට කි.මී.175 සීමාව සටහන් වී තිබුණා.

මතීෂට පෙර මෙම වේග පන්දුවේ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ ලියාගෙන තිබුණේ පාකිස්ථානු ⁣සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ශොයිබ් අක්තාර් විසිනි. එ් 2003 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියේ දී එංගලන්තයට එරෙහිවයි. පැයට කි.මී. 161.3 (පැයට සැතපුම් 100) ක වේගයෙන් පන්දුවක් යවමිනි.

බොහෝ දෙනෙක් මෙය වේගය පරික්ෂා කරන යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් බවට සැක පළ කළත්, ඒ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් හෝ නිවැරදි කිරීමක් ICC ය විසින් සිදු කර නොමැති බව India Today වෙබ් අඩිවය සඳහන් කරනවා. ඒ නිසාම මතීෂගේ නම ඉදිරියේ ලෝකයේ වේගවත්ම පන්දුවට හිමි ලෝක වාර්තාව සටහන්ව ඇති බවයි සඳහන් වෙන්නේ.

Rate this item
(5 votes)
Last modified on Monday, 20 January 2020 17:35