August 15, 2020

ඉන්දු - ලංකා පළමු T20 තරගය වර්ෂාව හේතුවෙන් අත්හරී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියානු කණ්ඩායම අතර මෙම වසරේ පැවැත්වෙන පළමු T20 තරඟාවලිය ඊයේ (05) ඉන්දියාවේ ගුවාතිදී පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරඟය වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවක් නොයවා අත්හැර දමන ලදී.

තරගයේ කාසිය වාසිය සත්කාරක ඉන්දියානු කණ්ඩායාමේ නායක විරාටි කෝලි දිනා ගත් අතර තරගය ආරම්භ කිරීමට පෙර ඇඳ හැලුණු වර්ෂාව නිසා තරඟය කල් දැමීමට සිදුවිය.

පසුව පිටියට පැමිණි ප්‍රධාන විනිසුරු චෙතිතොඩි ශාම්ශුඩීන් සහ නිටින් මෙනන් විසින් පිටිය පිරික්සා බැලුවද පිටියේ පැවැති තෙත ස්භාවය හේතුවෙන් පන්දුවාර 05කට පමණක් තරගය සීමා කොට රාත්‍රී 9.45 ට තරගය ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. 

නමුත් 9.30ට එම තරගය ආරම්භ කිරීමට පිටිය පිරික්සුමට නැවතත් ප්‍රධාන විනිසුරුවන්ට පිටියේ පවතින තෙත ගතිය අවම වී නැති බව වැටහී යාම නිසා රාත්‍රී 9.55ට පමණ තරගය අත්හැර දමන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා.

තරගය නැරඹීමට 50,000ක  පිරිසක් ද පැමිණ සිටි බව වාර්තා වේ. දෙරට අතර ඊළඟ තරගය හෙට (07 වැනිදා) ඉන්ද්‍රෝ⁣රේ හිදී පැවැත්වීමට නියමිතය.
Rate this item
(0 votes)

Live