April 24, 2024

දෝනි නායකත්වයෙන් ඉවතට 

එළැඹෙන අයිපීඑල් කි‍්‍රකට් තරගාවලියේ දී චෙන්නායි - සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට ඉන්දීය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර සිං දෝනි තීරණය කර ඇතැයි වාර්තා වේ.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එල්ල වී ඇති තරග පාවාදීමේ චෝදනා හේතුවෙන් ඔහු එම තීරණය ගෙන ඇත.

ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්  සිරිනිවාසන් සහ ඔහුගේ බෑණාවන චෙන්නායි සුපර් කිංග්ස් පිලේ කළමනාකරු ගුරුනාත් මෙයියප්පන් ඇතුළු පිරිසකට එරෙහි තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද විභාග වේ.

ඒ හේතුවෙන් ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් එන් සිරිනිවාසන් පසුගිය සතියේ දී ඉල්ලා අස් විය.

Rate this item
(0 votes)