April 20, 2024

කුසල් පෙරේරා පස්වැනි එක්දින ශතකය වාර්තා කරයි

සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි  ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේදීය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදෙමින් සිටියි. මෙය ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අවසන් එක්දින තරගය වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 28 අවසානයේදී කඩුලු 2කට ලකුණු 184ක් රැස්කගෙන සිටියි.

Rate this item
(0 votes)