March 28, 2024

ලෝක කුසලානයේ ජයග්‍රාහකයන් තේරුණු අයුරු ගැන විවේචන

එක්දින ලෝක කුසලාන අවසන් මහ තරගයේදි ජයග්‍රාහකයන් තෝරා ගත් ආකාරය සම්බන්ධයෙන් මේ වන විට විවේචන එල්ල වී තිබේ.

එංගලන්තය හා නවසීලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේදී ලකුණු සමවීම නිසා සුපිරි පන්දුවාරයක් දක්වා තරගය ක්‍රියාත්මක විය.

පසුව සුපිරි පන්දුවාරයද සමවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුවූයේ තරගයේ වැඩිම හයේ හා හතරේ පහරවල් එල්ල කළ කණ්ඩායම ලෙස එංගලන්තයයි.

කෙසේ වෙතත් මෙම ක්‍රමයට මේ වන විට දැඩි විවේචන එල්ල වී තිබේ. එය විචෙනය කරන පුද්ගලයන් අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ද වෙයි.

ඇතැමෙක් පවසන්නේ හයේ හා හතරේ පහරවල් එල්ල කිරීම පහසු නමුත් කඩුල්ලක් ලබා ගැනී අපහසු බැවින් කඩුලු ලබා ගැනීම පිළිබඳවද සළකා බැලිය යුතු බවයි.

Rate this item
(1 Vote)