April 23, 2024

"කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු පුහුණුකරු ලෙස කටයුතු කරනවා"- හතුරුසිංහ

තමා කොන්ත්‍රාත් කාලය අවසන් වනතුරු තනතුරේ කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) යළි දිවයිනට පැමිණි අතර, අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ඊට එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ තවදුරටත් කණ්ඩායමේ පුහුණුකාර ධුරය දරන්නේද යන්න පිළිබඳවය.

එයට ප්‍රතිචාර දක්වමින් චන්දික හතුරුසිංහ මහතා කියා සිටියේ තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන්වීමට තවත් වසරකට අධික කාලයක් පවතින බැවින් එය අවසන්වනතුරු තමන් තනතුරේ රැදී සිටින බවය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා සහ නායක දිමුත් කරුණාරත්නද මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

Rate this item
(1 Vote)