April 25, 2024

පළමු ලෝක කුසලානයේ රස කතා 02

"මොකද වුණේ - බෝලයක් වැදුණා"
"කවුද ගැහුවේ - තොම්සන්"

1975 එංගලන්තයේ පැවැති පළමු ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගය පිළිබඳ රසබර කතා රැසක් තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිව තිබූ මෙම තරගය ඕස්ට්‍රේලියානු වේග පන්දු යැවූ ජේෆ් තොම්සන්ගේ භීෂණකාරී පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාව පරාජය විය. එහිදී තොම්සන් එවන ලද පන්දු හිසේ වැදීමෙන්
සුනිල් වෙත්තමුණි හා දුලීප් මෙන්ඩිස් රෝහල ගත කෙරිණි.

සුනිල් වෙත්තමුණි රෝහලේ සිටියදී ඔහු හමුවට පැමිණියේ එංගලන්තයේ පොලිස් නිලධාරියෙකි. එහිදී දෙදෙනා අතර මෙවන් සංවාදයක් ඇති විය.

පොලිස් නිලධාරීයා - මොකද වුණේ?
වෙත්තමුණි - බෝලයක් වැදුණා.
පොලිස් නිලධාරීයා - කවුද ගැහුවේ?
වෙත්තමුණි - තොම්සන්.
පොලිස් නිලධාරීයා - පොලිසියේ පැමිණිල්ලක් දැම්මද?
වෙත්තමුණි - තවම නැහැ.
පොලිස් නිලධාරීයා - එහෙම නම් ඉක්මණට පැමිණිල්ලක් දාන්න, එයාව අත්අඩංගුවට ගන්න.

මේ සමඟ පන්දුව වැදීමෙන් ඇඟපතේ අමාරුවෙන් සිටි වෙත්තමුණිට නැගුණේ සිනහවකි.

ඉන්පසු සිදු වු සිද්ධිය පොලිස් නිලධාරියාට තේරුම් කරදෙන ලදී. අදාළ පොලිස් නිලධාරීයා ක්‍රිකට් ගැන උනන්දුවක් නැති අයෙකු බව දෙදෙනා අතර කතා බහේ දී දැන ගන්නට ලැබුණි.

Rate this item
(1 Vote)