November 17, 2019

මුල්ම ලෝක කුසලානයේ රස කතා

“මම ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක් තාත්තා කෙනෙක්, උඹ ඊළඟට පලයන්”

ක්‍රිකට් ලෝක කුසලානය හාපුරා කියලා පැවැත් වුණේ 1975 එංගලන්තයේ දී ශ්‍රී ලංකාව ඇතුළු කණ්ඩායම් 08ක් ඊට සහභාගී වුණා.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය ජය ගැනීමේ අවස්ථාවක් එදා ශ්‍රී ලංකාවට උදාවෙමින් තිබුණා. මේ නිසා පැයට සැතැපුම් 100ක එනම් පැයට කි.මී.160කට වඩා වේගයෙන් පන්දු යවන ජෙෆ් තොම්සන් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ හිස සහ ශරීරය ඉල්ලක කරගනිමින් පන්දු යවන්නට පටන් ගත්තා. එදා අද මෙන් හිස් ආවරණ (හෙල්මට්) තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලය වුණේ ඉතා සාර්ථක පිති හරඹයක නියැලෙමින් සිටි සුනිල් වෙත්තමුණි හා දුලිප් මෙන්ඩිස් පන්දු හිසේ වැදීමෙන් රෝහල් ගත වීමයි.

75 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලාබාලයා වුණේ අනුර රණසිංහ ඒ වෙන විටත් නාලන්දා විදුහල නියෝජනය කළ ඔහුගේ වයස අවුරුදු 18යි. වෙත්තමුණි හා මෙන්ඩිස් රෝහල් ගත වන හැටි දුටු කණ්ඩායමේ ප්‍රවීණයෙකු වූ එච්.එස්.එම් පීරිස් (මෙවන් පිරීස් නමින්ද ඔහු හැඳින් විය) අනුර රණසිංහ වෙතට හැරී “අනුර, උඹ ඊළඟ පලයන්, මම ළමයි දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්...” යැයි පැවසුවේ තොම්සන්ගේ පන්දු යැවීම හමුවේ තැති ගැන්වී සිටි සිය කණ්ඩයාමේ සෙසු සාමාජීකයන්ගේ මුවගට සිනාවක් ද නංවමිනි.

Rate this item
(4 votes)